Wednesday, June 8, 2016

Kdenlive වලින් Video Edit කරමු


වීඩියෝ සංස්කරනයට භාවිතාකරන ජනප්‍රිය නිදහස් සහ විවෘත මෘදුකාංගයක් තමයි Kdenlive. Kdenlive විවෘත වූ විට ඔබට මෙලෙස දැකගත හැකිවනු ඇත.


පහත රූපයේ පරිදි ඔබට සංස්කරනය කිරීමට අවශ්‍ය විඩියෝ එකතු කරගත හැක.
මෙහි Clip Monitor සහ Project Monitor ලෙස රාමු 2ක් ඇත. Video 1 , Video 2, Video 3 ලෙස  සංස්කරනය කල යුතු Video එකතු කිරීමට තීරු 3 ක් ඇත. එක් Video  එකක් ඇත්නම් Video 1 තීරුවට එකතු කරගන්න. තවද Audio 1 සහ Audio 2 ලෙස Audio එකතු කිරීමට තීරු 2 ක් ඇත. අවශ්‍යනම් තව එකතු කරගත හැක. සංස්කරනයට අවශ්‍ය Tools ඇත්තේ පහලම තීරුවේය. Video 1 තීරුවට Video එකක් එකතු කල පසු පහත පරිදි දිස්වේ.


සංස්කරනයට ගත් Video එක උඩ Right Click කල පසු Add Effect, Add Transition Copy, Cut Clip, Split Audio, Group Clips සහ Ungroup Clips ඔබට දැකගත හැක. මේවා පහලම ඇති  Tool වලින්ද කල හැක. කතුරු සලකුන Videos කැපීමටද ඊතලය Select කිරීමටද හැක. Split Audio මඟින් Video එකෙහි ඇති Audio එක වෙන්කර Audio 1 තීරුවට එකතුවනු ඇත. Ungroup Clips ඒ දෙක වෙන්කල හැක.

Video සංස්කරනය කිරීමේදී එය කැපීමෙන් පසු අනවශය කොටස් මත Click කර Delete යතුර ඔබා එය මකාදැමිය හැක. ඉන්පසු හිස්තැන මත Right Click කර "Remove Space" Click කිරීමෙන් සහ Clips ඇද දැමීමෙන් හිස්තැන් ඉවත්කරගත හැක. නැතිනම් හිස්තැනට පහල Video 2 තීරුවට තව Video Clip එකක් එකතු කරගත හැක.


අවසානයේදී ඔබගේ සංස්කරනයන් Save කරන්න. ඉනපසු සංස්කරණය කල කොටස් එකතුකර තනි Video එකක් සෑදීමට Render කලයුතුය. සදහා ඉහල ඇති "Render" click කරන්න. ඉනපසු Rendering window එකෙන් Output වෙන තැන ලබා දී Format එක PAL හෝ NTFS ලෙස තෝරන්න. (NTFS - LCD TV ප්‍රමාණය/PAL – CRT TV ප්‍රමාණය) ඉන්පසු Video Codec එක තෝරන්න.(HDV/MPEG) එහි Quality එක තෝරන්න. (2000k/1000k) ඔබගේ Audio එක ඇතුලත් කිරීමට Export audio ඉදිරියෙන් හරි ලකුණ යොදන්න. ඉන්පසු "Render to File" Click කරන්න. ඉනපසු ඔබට ඔබගේ අවසාන Video එක ඔබට බලාගත හැක.

වැඩිදුර අධ්‍යනයට :- http://www.kdenlive.org/user-manual
Youtubeහී ද Kdenlive ගැන Tutorial ඇත.


No comments:

Post a Comment